ඡන්දය ඉල්ලන්න ගොස් අසරණ වූ රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න තීරණය වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඊයේ (03) දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මාර්තු මස 09 වන දා සිට අප්‍රේල් මස 25 වැනි දා දක්වා වූ මූලික වැටුප ගෙවීමට තීරණය කළ බව, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටියේය.
එමෙන්ම එළඹෙන අප්‍රේල් මස 10 වැනිදාට පෙර සියලු දෙනාටම මූලික වැටුප හිමිවන බවද අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
222 Views
Comments