වටවල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් බෝනස් ඉල්ලා උද්ඝෝශණයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

වටවල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් බෝනස් ඉල්ලා උද්ඝෝශණයේ

වටවල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් බෝනස් ඉල්ලා උද්ඝෝශණයේ

පිහිනුම් ඇදුම් නිෂ්පාදනය කරන වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් අද (28) දින වාර්ෂික බෝනස් මුදල් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වී ඇති බව වාර්තා වේ.

 

මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 750 දෙනෙකු පමණ සේවය කරන අතර, වාර්ෂිකව ඔවුන්ට ලබාදෙන රුපියල් 24,000 ක බෝනස් මුදල ලබාදෙන ලෙස බලකරමින් සේවකයින්ගෙන් වැඩි පිරිසක් මෙම වර්ජනයට එක් වී සිටි බවද වාර්තා වේ.

 

පිරිසක් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් පිටත සහ තවත් පිරිසක් කර්මාන්ත ශාලාව තුළ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වී ඇති බව වාර්තා වන අතර, එම සේවකයින් කියා සිටින්නේ ඔවුන්ට වසර ගණනාවක සිට වාර්ෂික බෝනස් මුදල ලබාදුන් බවත්, කොඩිව් 19 වෛරසය පැතිර ගිය කාලයේ පමණක් එම මුදල ලබා නොදුන් බවත් ය. 

 

රටේ පවතින ජිවන වියදම අනුව ඔවුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවත්, එනිසා එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඔවුන්ට හිමි විය යුතු බෝනස් මුදල ලබාදෙන ලෙසත් වැඩ වර්ජනයේ නිරත සේවකයින් කියා සිටී.

 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇඟළුම් කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ කර්මාන්ත ශාලාව වෙත ලැබී ඇති ඇණවුම් වල විශාල අඩුවක් පවතින බවත්, එවන් තත්ත්වයක් මත මෙතෙක් සේවකයන් වෙත ලබාදුන් වාර්ෂික බෝනස් මුදල එයාකාරයෙන්ම මෙවර ලබාදීමට නොහැකි වුවද, එළඹෙන උත්සව සමය වෙනුවෙන් උත්සව අත්තිකාරම් වශයෙන් රුපියල් 7,500 ක මුදලක් මෙවරත් සේවකයින්ට ගෙවීමට පියවර ගෙන ඇති බවත් ය.
 

views

229 Views

Comments

arrow-up