මැරෙනතුරු උපවාස කරන්න කෙනෙක් නොමැතිකමින් තෙල් සංස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගය කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

මැරෙනතුරු උපවාස කරන්න කෙනෙක් නොමැතිකමින් තෙල් සංස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගය කොට උඩ

මැරෙනතුරු උපවාස කරන්න කෙනෙක් නොමැතිකමින් තෙල් සංස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගය කොට උඩ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සංගම් විසින් මේ වන විට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන්නේද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම් අතර යම් මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

 

මාරාන්තික උපවාසයකට එළඹීම මේ අවස්ථාවේ ඉතා අවදානම් සහගත තීරණයක් බවට පිරිසක් ප්‍රකාශ කොට ඇති අතර, එවන් තීරණයක් ගන්නේ නම් මාරාන්තික උපවාසය ආරම්භ කරන පුද්ගලයා පෞද්ගලිකව එහි වගකීම ගත යුතු තත්ත්වයක් ඇතිව තිබෙන බවද වාර්තා වේ. 

 


තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ගණනාවක ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයන් කිසිවකට සංවේදී නොවෙමින්,  තෙල් සංස්ථාවේ පිරවුම්හල් 450 ක් පෞද්ගලික අංශයට ලබා දීමට හා විදෙස් තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළෙඳපොලට පිවිසීමට ඊයේ දිනයේ කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේය.
 

views

250 Views

Comments

arrow-up