යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට ආගමික කල්ලියකින් ප්‍රහාරයක්

ආගමික සංවිධානයක් නියෝජනය කරන 50 ක පමණ පිරිසක් යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරී ඇති බව වාර්තා වේ.
අච්චුවේලි ප්‍රදේශයේ පවත්වාගෙන යන ආගමික ස්ථානයක සිදුවන නීති විරෝධී හා අපචාර ක්‍රියා පිළිබඳව පුවත්පත විසින් හෙළි කිරීම නිසා කෝපයට පත් මෙම පිරිස, එම කාර්යාලයේ දේපල වලට හානි සිදුකර ඇති බවද වාර්තා වී තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ යාපනය පොලිසියට ආ ඇමතුමක් අනුව එහි පැමිණි පොලිස් කණ්ඩායම් විසින් තත්වය පාලනය කර කලහකාරී පිරිස ඉවත් කළ බව පොලිසිය කියා සිටී.
273 Views
Comments