අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා ගල්අඟුරු තොග රැස් කෙරේ

බාධාවකින් තොරව විදුලිය උත්පාදනය කිරීම සඳහා ලක්විජය ගල් අඟුරු බලාගාරය සතුව ගල් අඟුරු ටොන් 380,000 ක තොගයක් ඇති බව එහි නිලධාරියෙක් පවසා ඇත.
තවද විදුලිබල සංකීර්ණයේ කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසා ඇත්තේ ගල්අඟුරු සහිත නැව් 23 ක් පැමිණ ඇති බවත් ඒවා ගොඩ බාමින් පවතින බවත්ය.
ඉලන්තිඩියට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති එම නැව් වලින් ගොඩ බාන ගල් අඟුරු තොග ලක්විජය බලාගාරය වෙත ගෙන යන බව ඔහු සඳහන් කර තිබේ.
248 Views
Comments