ගොඩගම හන්දියේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මිය යයි

හෝමාගම, ගොඩගම හන්දියේ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් ඇතැයි මේ ගොඩගම පොලිසිය ප්‍රකාශ කර සිටී.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති වයස අවුරුදු තුන හමාරක දරුවෙක් බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයෙකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (18)අළුයම 1.30 ට පමණ ත්‍රීරිරෝද රථ 3 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී බව සඳහන් වේ.
අනතුර සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
262 Views
Comments