ගෙවල්වලින් පැනගිය වෙන්නප්පුවේ ළමුන් තිදෙනා හමු වෙයි

ආර්ථික අපහසුකම් නිසා නිවෙස් වලින් පලා ගිය බාලවයස්කාර සිසුන් තුන්දෙනා අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් බාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මොවුන් වයස අවුරුදු 14 සහ 15 අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
පසුගිය 14 වැනිදා නිවෙස්වලින් පිටව ගිය මොවුන් යළි නොපැමිණි බවට ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණි.
එක් සිසුවෙකු පවුලේ ඥාතියෙකුට පවසා තිබුනේ පවුලේ අගහිඟකම් පවතින බවත් ඒ හේතුවෙන් තමන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය බවත්ය.
අනෙක් සිසුන් දෙදෙනා සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන බව පවසමින් නිවෙස්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වේ .
250 Views
Comments