APR
25
ප්‍රතිත්‍රස්ත පනත කල් යයි

මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මතභේදාත්මක ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම, තවත් සති කිහිපයක් ප්‍රමාද වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම විවිධ මතගැටුම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා කියා සිටී.
262 Views
Comments