ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගමික නිදහසට බාධා - ඇමෙරිකාව කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගමික නිදහසට බාධා - ඇමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගමික නිදහසට බාධා - ඇමෙරිකාව කියයි

ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ ආගමික නිදහසට බාධා එල්ල වී ඇතැයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම පවසයි.

 

මෙම මානව හිමිකම් කඩවීම් පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව එම කොමිසම තරයේ කියා සිටී.

 

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුවා යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික නිදහස කඩවී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම පවසයි.

 

ඇතැම් ආගමික නායකයින් සිරගත කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

views

243 Views

Comments

arrow-up