MAY
02
ත්‍රීරෝද රථ රියදුරෙකු පැහැරගෙන ගිය යාපනයේ පිරිසකට වැඩ වරදී

ත්‍රීරෝද රථ රියදුරෙකු පැහැරගෙන ගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා සිදු කරමින් සිටි කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව ප්‍රදේශයට කුලී ගමනක් යන මුවාවෙන් ගෙන්වාගෙන වෑන් රථයක් මගින් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මේ අනුව පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇති අතර අදාල ත්‍රීරෝද රථ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
287 Views
Comments