ඡන්දය ඉල්ලා අසරණ වූ රජයේ සේවකයින් අද සිට යළි සේවයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ඡන්දය ඉල්ලා අසරණ වූ රජයේ සේවකයින් අද සිට යළි සේවයේ

ඡන්දය ඉල්ලා අසරණ වූ රජයේ සේවකයින් අද සිට යළි සේවයේ

2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන්  රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

 

අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් ඔවුන් ඉදිරිපත් වී ඇති පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිට වෙනත් ස්ථානයකට මාරුකර නැවත සේවයේ පිහිටුවීමට කටයුතු සම්පාදනය කළ යුතු බවට එම චක්‍රලේඛය මගින් දක්වා තිබේ.

 

මේ අනුව, අද (09) සිට ඔවුන් ආයතන ප්‍රධානීන් විසින් නම් කරනු ලබන සේවා ස්ථානයක් වෙත වාර්තා කළ යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

271 Views

Comments

arrow-up