පිරිමි දරුවෙකුට බරපතල අතවර කළ හැටි සීයාට වැඩ වරදී

දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක උප පාලකවරයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මහරගම පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ උප පාලකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විමර්ශන වලදී හෙළි වී ඇත්තේ වයස අවුරුදු 60 ක් වන උප පාලකවරයා මාස හයක පමණ කාලයක සිට මෙම දරුවා අපයෝජනය කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර ඇති බව වාර්තා වේ.
338 Views
Comments