MAY
09
රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ඇරඹීමේ සැලසුමක්

මෙරට පුරවැසියන් රැසක් විවිධ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය වී සිටින හෙයින්, ඔවුන් පෞද්ගලිකව මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව සඳහන් කරමින්, රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය විසින් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
2023 අයවැය යෝජනාවක් ලෙස රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමයක් ඇති කිරීමට යෝජනාවක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අතර එය පාර්ලිමේන්තුව විසින්ද සම්මත කර තිබේ.
314 Views
Comments