ෆවුසි පක්ෂයෙන් දොට්ට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගෙන ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂය ඡන්දය පාවිච්චි කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව එම පක්ෂය නිවේදනය කර සිටී.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ.
171 Views
Comments