"හොම්බෙන් යන රටේ නාකි පඹයා" - රවි කුමුදේශ්ගෙන් සැර කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

"හොම්බෙන් යන රටේ නාකි පඹයා" - රවි කුමුදේශ්ගෙන් සැර කතාවක්

"හොම්බෙන් යන රටේ නාකි පඹයා" - රවි කුමුදේශ්ගෙන් සැර කතාවක්

රට මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහල්ලෙකුට ආශ්චර්යය කරන බව පවසමින් අත්තනෝමතික ලෙස හැසිරීමට ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටී.

 

මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවති ඒකාබද්ධ මැයි දින රැලිය අමතමින් ඔහු මේ අදහස් පළ කොට සිටියේය.

 

අද වන විට ශ්‍රී ලංකාව පාලනයෙන් ගිලිහී අවසන් බවත්, වසර ගණනාවක් තිස්සේ නොයෙක් පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවත් ඔහු කියා සිටි අතර, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන දේ කරන පඹයෙකු පමණක් මිස, ඔහු ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයෙකු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

එහෙයින්, රනිල් වික‍්‍රමසිංහ යනු ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් ද රටේ නියෝජතයෙක්දැයි තේරුම් ගත යුතුව ඇති බව ද පෙන්වා දෙන රවී කුමුශශ් මහතා, රටට මේ මොහොතේ නැවතත් අරගලයක් අවශ්‍ය බවද කියා සිටියේය.

views

328 Views

Comments

arrow-up