MAY
03
"සියලු විරුද්ධ දේශපාලන පක්ෂ තහනම් කරන කුමන්ත්‍රණයක්" - ගම්මන්පිල

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ඊනියා ත්‍රස්ථ විරෝධී පනත සම්මත වුවහොත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු තමන්ට තර්ජනයක් විය හැකි දේශපාලන පක්ෂ තහනම් කර ජනාධිපතිවරණය පැවැත්වීමට වුවද ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කියා සිටී.
කොළඹ හයිඩ් පිටියේ පැවති උත්තර ලංකා සභාගයේ මැයි දින රැලිය අමතමින් මේ අදහස් පළ කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ "නව ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් විපක්ෂයත් නෑ,, මාධ්‍යත් නෑ" යනුවෙනි.
167 Views
Comments