වඩිවේල් සුරේෂ් සජිත් සමග විරසක වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

වඩිවේල් සුරේෂ් සජිත් සමග විරසක වෙයි

වඩිවේල් සුරේෂ් සජිත් සමග විරසක වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජන බලවේගය සමග සිටින්නේද ආණ්ඩුවට එක්වන්නේද යන්න ගැන ඉක්මනින්ම තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කොට සිටී.

 

ඔහු විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ පාර්ශ්වය හා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමග අද හෝ හෙට දිනයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පැවසේන අතර, වතු ජනතාවගේ දෛනික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද ඔහුඉ සඳහන් කොට තිබේ.

 

තම නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගැනීම වරදක් බව මෙවර මැයි රැළියේ දී ඔහු කියා සිටි අතර, සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිමට පැමිණ වතුකරයේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත්, එසේ නොකළහොත් ඔහු සමග ඉදිරියට යාම ගැන තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී කියා තිබේ.

views

178 Views

Comments

arrow-up