රුසියාව - ඉන්දියාව තවත් ළං වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

රුසියාව - ඉන්දියාව තවත් ළං වෙයි

රුසියාව - ඉන්දියාව තවත් ළං වෙයි

විදෙස් මාධ්‍ය පවසන්නේ, රුසියාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත්වෙමින් ඇති බව යි. එම වාර්තාවල දැක්වෙන්නේ, දෙරට අතර ඇති වෙළෙඳ සබඳතා ශක්තිමත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක බවයි. රුසියාව හා ඉන්දියාව දැනටමත් ජාතික මුදල් ඒකක හරහා සාර්ථකව ගනුදෙනු සිදු කරන බව රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව වාර්තා වන්නේ, ඉකුත් වසරේ ඉන්දියාව සහ රුසියාව අතර සිදුවූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 30 ක් පමණ වන බව යි. මෙම වසරේදී සබඳතා තවදුරටත් ශක්තිමත්වීම මගින් එම අගයන් තවත් ඉහළ යනු ඇති බවද අපේක්ෂා කෙරේ.

views

169 Views

Comments

arrow-up