මරණය මැද උපන් හාස්කම "අයා"

පසුගිය දා සිරියාවේ සහ තුර්කියේ ඇති වූ භූමි කම්පාවෙන් සමතලා වූ නිවසක සුන්බුන් අතරින් හමු වූ, අලුත උපන් බිළිඳිය යහපත් තත්වයෙන් පසු වේ.
ඇයට නව මාපියන් හමු වූ බවත්, ඇයගේ නම් තැබීම සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියාවේ ජෙන්ඩ්‍රිස් නගරයේ විනාශ වී ගිය නිවසක සුන්බුන් අතරින් හමු වන විට ඇය පෙකණිවැල හරහා මියගොස් සිටි තම මවට සම්බන්ධ වී සිටියාය. ඇගේ මව සහ පියා යන දෙදෙනාම මෙම අවාසනාවන්ත සිදිධියෙන් මියගොස් තිබේ.
“අයා” ලෙස මෙම බිළිඳියට නම් තබා ඇති අතර එහි අර්ථය වන්නේ “හාස්කම” යන්නයි.
දැරියගේ භාරකාරත්වය ලබා ගැනිම සදහා ඇගේ පියාගේ සොහොයුරා ඉදිරිපත් වී ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
234 Views
Comments