ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය හදිසියේම කල් යයි

එක්සත් ජනපදය හරහා චීන ඔත්තු බැලූනයක් මීට දින කිහිපයකට පෙර පියාසර කිරීමේ සිද්ධියක් නිරීක්ෂණය කිරීමෙන් පසු, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා ගේ චීන සංචාරය කල් දමන ලදී.මෙමගින් දෙරට අතර යළිත් මතභේදාත්මක තත්වයක් උද්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊයේ (03) දින පස්වරුවේ ලතින් ඇමරිකානු කලාපයට ඉහළින් තවත් චීන ඔත්තු බැලූනයක් දක්නට ලැබුණු බව පෙන්ටගනය දැනුම් දී ඇත.
එක්සත් ජනපදය හරහා චීන ඔත්තු බැලුනය මෙලෙස නිරීක්ෂණයට ලක් කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි තවමත් නිශ්චිතව අනාවරණ වී නොමැත.
229 Views
Comments