දකුණු අප්‍රිකානු ගායක AKA වෙඩි පහරකින් මරුට

දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි රාත්‍රී අවන්හලක් අසලදී, සුප්‍රකට රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කිර්නන් ජැරීඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඔහු සමග ඔහුගේ මිතුරෙකු ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
AKA නමින් හැඳින්වෙන ඔහු මිය යන විට තිස් පස් හැවිරිදි වියේ පසුවූ අතර දකුණු අප්‍රිකානු සංගීත සම්මාන කීපයක්ම හිමිකරගෙන ඇති කලාකරුවෙකු බව සඳහන් ය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන බව වාර්තා වේ.
271 Views
Comments