ගංගාවේ ජල ක්‍රීඩා කරමින් සිටි දැරියක් මෝරෙකුගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

ගංගාවක ජල ක්‍රීඩා කරමින් සිට 16 හැවිරිදි ගැහැණු ළමයෙක් මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවේ.
බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ආසන්නයේ ස්වෝන් ගංගාවේ ජල ක්‍රීඩා කරමින් සිටියදී මෙලෙස ඇය මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙන අතර දැරිය රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීමත් සමග ගංගාව භාවිතා කිරීමේ දී සැලකිලිමත් වන ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර ධීවර විශේෂඥයන් පවසන්නේ ගංගාවේ එම කොටසෙන් මෝරුන් හමුවීම අසාමාන්‍ය සිදුවීමක් බවයි.
209 Views
Comments