චීන බැලුමට ඇමරිකාවෙන් මිසයිල ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

චීන බැලුමට ඇමරිකාවෙන් මිසයිල ප්‍රහාර

චීන බැලුමට ඇමරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ චීනයට අයත් යෝධ බැලූනය විනාශ කිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

 

ප්‍රහාරක ජෙට් යානාවක් මගින් මිසයිලයක් එල්ල කරමින් එම බැලුම විනාශ කර ඇති අතර එම මෙහෙයුම සඳහා කැරොලිනා ප්‍රාන්තයේ ගුවන්තොටුපළ 3ක් වසා දමා තිබුණි.

 

එහි සුන්බුන් කැරොලිනා ප්‍රාන්තයේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර් 11ක් පුරා පැතිර ඇති අතර ඒවා එක්රැස් කිරීම සඳහා නෞකා 2ක් සහ දොඹකරයක් යොදවා ඇතැයි වාර්තා වේ.

 

මෙම බැලුම සම්බන්ධයෙන් චීනය ප්‍රකාශ කර තිබුණේ පාලනයෙන් මිදුණු කාලගුණ සහ විද්‍යාත්මක අරමුණක් සඳහා භාවිත කරන බැලූනයක් ඇමරිකානු ගුවන් සීමාවේ අයාලයේ පාවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවයි.

 

views

240 Views

Comments

arrow-up