අභ්‍යවකාශ ඉතිහාසයේ බලගතුම මෙහෙයුම තව සති කිහිපයකින්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

අභ්‍යවකාශ ඉතිහාසයේ බලගතුම මෙහෙයුම තව සති කිහිපයකින්

අභ්‍යවකාශ ඉතිහාසයේ බලගතුම මෙහෙයුම තව සති කිහිපයකින්

අභ්‍යවකාශ රොකට් ලෝකයේ දැවැන්තයා ලෙස සැලකෙන එලෝන් මස්ක්ගේ Space - X සමාගම විසින් Starship රොකට්ටුවේ පරීක්ෂණයක් සිදු කර තිබේ .

 

මෙම පරීක්ෂණයේදී යානයේ එන්ජින් 33 න් 31 ක් ම එකවර සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ස්පේස් එක්ස් විද්‍යාඥයෝ සමත් වූහ.

 

විදෙස්  මාධ්‍ය පවසන ආකාරයට "Starship" මංගල පියාසැරිය ඉතිහාසයේ ලොව බලවත්ම රොකට් මෙහෙයුම් පද්ධතිය විය හැකිය.

 

ලොව ධනවතුන් අතර ප්‍රමුඛයෙකු මෙන්ම ට්විටර් හි හිමිකරුද වන එලෝන් මස්ක් ගේ බලාපොරොත්තුව වන්නේ Starship මගින් කක්ෂයෙන් ඔබ්බට මිනිසුන් සාර්ථකව රැගෙන යාමයි.

 

Starship හි මංගල සැරිය පෙබරවාරි මස අගභාගය තුළ දී හෝ මාර්තු මස මුල දී ක්‍රියාත්මක කෙරෙනු ඇති බවට එරට මාධ්‍ය සදහන් කරයි.
 

views

219 Views

Comments

arrow-up