FEB
03
දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ විශාල ම වැඩ වර්ජනය ගුරුවරුන්ගෙන්

දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ වර්ජනය පෙරේදා (01) පැවැත්වුණි.
එංගලන්තයේ හා වේල්සයේ ගුරු වෘත්තිකයන් ඉහළ වැටුප් ඉල්ලා මෙම වර්ජනයේ නිරත විය.
ඒ සඳහා ගුරු වෘත්තිකයන් ලක්ෂ 03ක් පමණ සහභාගි වූ අතර ඊට සහාය දක්වමින් සිවිල් සේවකයන්, දුම්රිය හා බස් රථ රියදුරන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයේ නිරතවිය.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් එරට පාසල් අඩකම කටයුතු සාමාන්‍ය පරිදි සිදු වී නොමැති අතර පාසල් 5% ක් පමණ වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය.
210 Views
Comments