නේපාලය හා ඉන්දියාව අතර බලශක්ති සහයෝගීතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

නේපාලය හා ඉන්දියාව අතර බලශක්ති සහයෝගීතාවයක්

නේපාලය හා ඉන්දියාව අතර බලශක්ති සහයෝගීතාවයක්

නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්ගේ ඉන්දීය සංචාරයේදී බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීම සහ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. දෙසැම්බරයේ නේපාලයේ වැඩ භාර ගැනීමෙන් පසු අගමැති දහාල්ගේ පළමු ද්විපාර්ශ්වික විදේශ සංචාරය මෙම සංචාරයයි.

 

 

ඉන්දියානු මාධ්‍යවලට අනුව, කලාපයේ සමස්ත උපායමාර්ගික අවශ්‍යතා අනුව නේපාලය ඉන්දියාවට විශාල වැදගත්කමක් දරයි. මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අතර දීර්ඝ කාලීනව දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

 

 

නේපාලයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉන්දියාවේ සහය ලබා ගැනීමට නේපාලයේ දැඩි උනන්දුව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

views

294 Views

Comments

arrow-up