චීන විද්‍යාඥ ජෝර්ජ් ගාඕගෙන් covid වෛරසය කාන්දු වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

චීන විද්‍යාඥ ජෝර්ජ් ගාඕගෙන් covid වෛරසය කාන්දු වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

චීන විද්‍යාඥ ජෝර්ජ් ගාඕගෙන් covid වෛරසය කාන්දු වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොවිඩ් වෛරසය රසායනාගාරයකින් කාන්දු වූ බව බැහැර නොකළ යුතු යැයි හිටපු චීන රජයේ විද්‍යාඥ, මහාචාර්ය ජෝර්ජ් ගාඕ පවසන අතර ඔහු චීනයේ රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) ප්‍රධානියා ලෙස,  වසංගත ප්‍රතිචාරය සහ එහි මූලාරම්භය සොයා ගැනීමට දරන ප්‍රයත්නවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
 

චීන රජය මෙම රෝගය වුහාන් රසායනාගාරයකින් ආරම්භ වන්නට ඇතැයි ලෙස පැමිණෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර මහාචාර්ය ගාඕ ඒ පිළිබඳව ප්‍රතිවිරෝධී අදහසක් දරන අතර චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය පිළිබඳ යම් ආකාරයක විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි මහාචාර්ය ගාඕ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
 

පසුගිය වසරේ CDC වෙතින් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් චීනයේ ජාතික ස්වාභාවික විද්‍යා පදනමේ උප සභාපති ලෙස මහාචාර්ය ගාඕ කටයුතු කරනවා.
 

views

301 Views

Comments

arrow-up