වතුරට වැටුණු දුරකථනය ගන්න ජලාශයක් හිස්කළ ඉන්දියානුවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

වතුරට වැටුණු දුරකථනය ගන්න ජලාශයක් හිස්කළ ඉන්දියානුවා

වතුරට වැටුණු දුරකථනය ගන්න ජලාශයක් හිස්කළ ඉන්දියානුවා

සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ජලාශයකට වැටුණු සිය ජංගම දුරකථනය ආපසු ලබාගැනීමට ජලාශය හිස් කර දැමූ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

 

රාජේෂ් විශ්වා නම් මෙම පුද්ගලයා එරට ආහාර පරීක්ෂකවරයෙකි.

 

සිය ජංගම දුරකථනය ලබාගැනීම වෙනුවෙන් ඔහු දින තුනක් පුරා ඩීසල් පොම්ප දෙකක් යොදා ගනිමින් ජලය ඉවත් කර තිබේ.

 

වාරිමාර්ග නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් එම ස්ථානයට පැමිණෙන විටත් ඔහු ජලය ලීටර් ලක්ෂ 21ක් ජලාශයෙන් ඉවත් කර තිබූ අතර එම ජල ප්‍රමාණය ඉන්දියාවේ වගා භූමි අක්කර 1,500 කට ප්‍රමාණවත් තරම් වන බවද සඳහන් ය.

 

ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ අත්‍යවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා ඔහු දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ බවත් ඒ සඳහා ඔහුට ඉහළ නිලධාරීන්ගේ සහාය හිමිවූ බවත් ඔහු පවසා තිබේ.

 

මේ වනවිට ඔහුගේ වැඩ තහනමකට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 

views

374 Views

Comments

arrow-up