MAY
21
G7 සමුළුවට චීනයෙන් විරෝධයක්

G7 කණ්ඩායමේ සාමාජික රටවල නායකයින් එක්ව ජපානයේ හිරෝෂිමාවේදී පවත්වන G7 සමුළුව සම්බන්ධයෙන් චීනය විරෝධයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන පරිදි G7 රටවල රාජ්‍ය නායකයින් චීනය සම්බන්ධයෙන් පළ කළ අදහස්වලට චීනය මෙලෙස විරෝධය පළ කර ඇත.
ටිබෙටයේ සහ චීනයේ ෂින්ජියැන් ප්‍රාන්තයේ සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ද G7 රටවල නායකයින් සිය කනස්සල්ල පළ කර තිබුණි.
G7 කණ්ඩායම රටවල අභ්‍යන්තර ගැටළු සඳහා මැදිහත්වීම් සිදු නොකරන ලෙසත් චීනයෙන් ඉල්ලා තිබේ.
196 Views
Comments