'මෝඛා' බංග්ලාදේශයට හා මියන්මාරය කඩා වදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

'මෝඛා' බංග්ලාදේශයට හා මියන්මාරය කඩා වදී

'මෝඛා' බංග්ලාදේශයට හා මියන්මාරය කඩා වදී

කාලගුණ බලධාරීන් සඳහන් කළ ආකාරයට පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් යුත් 'මෝඛා'' සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී තිබේ. 

 

මේ හේතුවෙන් බෙංගාල බොක්ක අවට ගොඩබිම් රැසක ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර, එය පැයට කිලෝමීටර 190 ඉක්මවූ වේගයකින් ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

 

මේ වන විට බංග්ලාදේශ වැසියන් ලක්ෂ 5ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර දශක 2කට ආසන්න කාලයක් තුළ බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑ ප්‍රබලතම කුණාටුව මෙය විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.
 

views

189 Views

Comments

arrow-up