පේරු රාජ්‍යයේ රන් ආකරයක ගින්නකින් 27 ක් මිය යයි

පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබේ. ගින්නට හසුවූ තවත් කම්කරුවන් 175 දෙනෙකු බේරාගත් බවත්, දශක ගණනාවකට පසු එරට සිදුවූ දරුණුතම පතල් අනතුර එය වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
විදුලි පරිපථයක දෝෂයක්, ගින්නට හේතු වන්නට ඇතැයි සැක පල කරන අතර ගින්න හටගන්නා අවස්ථාවේ කම්කරුවන් පොළොව මතුපිට සිට අඩි 330 පමණ ගැඹුරක සිට ඇතැයි සඳහන් ය. රන් ආකරයේ දැව උමං ආධාරක තෙල්වලින් පොඟවා තැබීම හේතුවෙන් ගින්න ව්‍යාප්ත වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පේරු රාජය්‍ය යනු ලොව විශාලතම රන් නිෂ්පාදනය කරන රටකි. ඒ අනුව වසරකට රත්‍රන් ටොන් 100 කට වඩා පේරු රාජ්‍ය කැනීම් කරන අතර එය සමස්ත ගෝලීය රත්‍රන් සැපයුමෙන් 4% ක් පමණ වේ.
247 Views
Comments