MAY
02
රජයේ අමාත්‍යවරයෙකුට ආරක්ෂකයෙකුගෙන් වෙඩි

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩි තබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
විශ්‍රාමික හමුදා කර්නල් වරයෙක් වන, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩි තබා මරණයට පත් කර තිබේ.
අමාත්‍යවරයාට වෙඩි තැබූ හමුදා සෙබළා, තමාටද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.
239 Views
Comments