මැයි දිනය දා ප්‍රංශය පුරා වීදි සටන් - පොලිසියේ 100ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

මැයි දිනය දා ප්‍රංශය පුරා වීදි සටන් - පොලිසියේ 100ක් රෝහලට

මැයි දිනය දා ප්‍රංශය පුරා වීදි සටන් - පොලිසියේ 100ක් රෝහලට

ඊයේ දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනයේදී ප්‍රංශය පුරා පැවැත්වෙන එරට රජයට එරෙහි මහජන විරෝධතා මාලාව තවදුරටත් උත්සන්න විය.

 

විරෝධතා සඳහා එක්වූ ප්‍රංශ වැසියන් දස දහස් ගණනක් වීථිවලට රැස්ව සිටි අතර, ඊයේ දිනයේදී ප්‍රංශය පුරා පොලිස් බලඇණි ද සේවයේ යොදවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.

 

විරෝධතාකරුවන් බොහෝ පිරිසක් සාමකාමී ලෙස කටයුතු කළ ද රැඩිකල් මතවාදී කණ්ඩායම් විසින් පොලිස් නිලධාරීන් වෙත පෙට්‍රල් බෝම්බ හා ගිනිකෙළි විසිකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් උද්ගත වූ බවද වාර්තා වේ.

 

කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කොට ඇති අතර, දෙපිරිස අතර හටගත් ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවද විදෙස් පුවත් වාර්තා කොට සිටී.

 

විරෝධතාකරුවන් කොපමණ පිරිසක් තුවාල ලබා ඇතිද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර, විරෝධතාකරුවන් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

 

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ගෙන ආ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වලට හා ඔහුගේ රජයට එරෙහිව එරට වැසියන් මෙලෙස විරෝධතාවල නිරත වී සිටින්නේ මාස කිහිපයක සිටයි. 

views

239 Views

Comments

arrow-up