යුක්‍රේනයේ කෞතුකාගාරයකට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

යුක්‍රේනයේ කෞතුකාගාරයකට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ කෞතුකාගාරයකට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

රුසියානු ආරක්ෂක අංශ විසින් නැගෙනහිරයුක්‍රේනයේ කුපියාන්ස්ක් හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

 

තුවාල ලැබූ දස දෙනා අතර කෞතුකාගාර සේවකයන් ද වන බව සඳහන් වේ.

 

ප්‍රහාරයෙන් කෞතුකාගාරය විනාශයට පත්ව ඇති අතර එහි සුන්බුන් අතර සිටින පිරිස් සහ කෞතුක භාණ්ඩ සොයා මේ වනවිට මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ .

 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
 

views

252 Views

Comments

arrow-up