චීනයේ හෙනාන් පළාතේ බරපතල පරිපාලන අර්බුදයක්

මධ්‍යම චීනයේ කහ ගංගා නදී නිම්නයේ පිහිටි හෙනාන් පළාත් රජය බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
මේ වන විට එම පළාතේ දුම්රිය, මහා මාර්ග සහ විදුලිය යනාදී යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් තාවකාලිකව අත්හිටුවා ඇති අතර මහජන උපයෝගීතා කටයුතු සඳහා එහි ජනතාවගෙන් කුලියට ගත් ඉඩම් කොටස් සදහා රජය විසින් කළ යුතු කුලී ගෙවීම්ද සිදුකර නොමැති බව සඳහන් වේ.
හෙනාන් රජය මුහුණදී සිටින වත්මන් මූල්‍ය දුෂ්කරතාවයට රජයේ ප්‍රාථමික ආදායම් මාර්ගයක් වන දේපළ වෙළෙඳාම් අංශයේ තක්සේරු බරපතල ලෙස අඩුවීම ද හේතු වී ඇති බව වාර්තා වන අතර, මධ්‍යම රජය පළාත් ආණ්ඩුවලට ප්‍රමාණවත් මුදල් ලබාදෙනු ඇතැයි ද මෙම වසරේ මැයි මාසය වනවිට ආර්ථික තත්ත්වය වැඩි දියුණු වනු ඇතැයිද දේශීය ව්‍යාපාරික ප්‍රජාව බලාපොරොත්තු දල්වාගෙන සිටී.
මේ අතර චීනයේ හෙනාන් පළාත් බලධාරීන් වන්දනාමාන කිරීම සඳහා ස්මාර්ට් රිලිජන් නැමැති යෙදුමේ ලියාපදිංචි වන ලෙස ඇදහිලිවන්ත පුද්ගලයින්ට බලකරමින් සිටින බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට සිටී.
චීනයේ වඩාත් ක්‍රියාශීලී ක්‍රිස්තියානි ප්‍රජාවක් මෙහි වාසය කරන බව සඳහන් වන අතර, චීනයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින චයිනා ඒඩ් ආයතනයට අනුව හෙනාන්හි සිටින ආගමික සාමාජිකයන් සෙසු ඇදහිලිවන්තයින් සමග එක්වීමට පෙර රජයේ අයදුම්පත පුරවා ඔවුන්ගේ වන්දනාමාන ස්ථානය තහවුරු කළ යුතුය.
එහි තම නම, පෞද්ගලික තොරතුරු, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, ස්ථිර ලිපිනය, වෘත්තිය සහ උපන්දිනය සදහන් කළ යුතු වේ.
පල්ලියට ඇතුලු වීමට අවසර දී ඇති අය සිය උෂ්ණත්වය හා වෙන්කරවා ගැනීමේ කේතය පෙන්විය යුතුය.
240 Views
Comments