ශ්‍රී ලාංකික පිය පුතු දෙපළක් ඕස්ට්‍රේලියාවේදී දියේ ගිලීමෙන් මරුට

ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළක් දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
ඔවුන් තවත් පිරිසක් සමග ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර පළමුව පියා දියේ ගිලී ගොස් ඇත.
ඔහු බේරාගැනීමට ගිය ඔහුගේ පුත්‍රයා සහ දියණිය ඉන් අනතුරුව දියේ ගිලී ඇති අතර මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු දියණියගේ දිවි බේරාගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
188 Views
Comments