ඇෆ්ගන් කාන්තාවන්ට තවදුරටත් තහංචි පිට තහංචි

කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන වල කටයුතු කිරීම සඳහා පැනවූ තහනම ඇෆ්ගනිස්තානය තව දුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වන නමුත්, ඒ සම්බන්ධයෙන් තලේබාන් පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ජගත් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් කාබුල් නුවර දී තලේබාන් සංවිධානය සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
පසුගිය වසරේ දී කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන වල කටයුතු කිරීම තහනම් කෙරුණු අතර මේ හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානය තුළ කටයුතු කිරීමෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වේ.
272 Views
Comments