දැවැන්ත මිසයිල පද්ධතියක් සමග යුධ අභ්‍යාසයක් කරමින් පුටින් සතුරන්ට වැඩ පෙන්නයි

රුසියාව සතු අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් එක් කරමින් මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වීම සඳහා රුසියාව මෙම යුද අභ්‍යාසය දියත් කර ඇති බව ජාත්‍යන්තර විචාරකයින් ප්‍රකාශ කර සිටී.
යුද අභ්‍යාසය සඳහා එක්ව සිටින රුසියානු හමුදා බල ඇණිය 3000 කට අධික බවත්, යුද උපකරණ 300 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව මෙම මහා පරිමාණ යුද අභ්‍යාසය ආරම්භ කර ඇත්තේ මතභේදයට තුදු දුන් ලෙපර්ඩ් ටූ වර්ගයේ අතිනවීන යුද ටැංකි 18 ක් ජර්මනිය යුක්රේනය වෙත ලබා දී ඇති පසුබිමක් තුළය. ඒ සම්බන්ධයෙන් රුසියාව බටහිර හා යුරෝපා රටවල් සඳහා අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙන බව සඳහන් වෙයි.
186 Views
Comments