ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කෙරේ

ලන්ඩන්හි පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොදා තිබූ පොලිස් ආරක්ෂාව තර කොට ඇති අතර ඒ ඉන්දියාවට එරෙහිව විරෝධතා පැවැත්වීම වැළැක්වීම සඳහා බව වාර්තා වේ.
ඇතැම් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට යොදවා තිබූ පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමෙන් අනතුරුව මෙලෙස ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව දැඩි කොට ඇත.
පසුගියදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ ඛලිස්තාන් නම් ව්‍යාපාරයක ආධාරකරුවන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වී ඇති අතර ඔවුන් කාර්යාලයේ බැල්කනියට නැග ඉන්දීය ධජය ඇද දමා තිබේ. ඛලිස්තාන් යනු ඉන්දියාවේ සික් ජනතාව නියෝජනය කරන කණ්ඩායමකි.
මෙම සිදුවීමෙන් පසුව ඉන්දියාව බ්‍රිතාන්‍යයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකු කැඳවා මේ පිළිබඳව සිය අප්‍රසාදය පළ කොට ඇති බවද ඉන්දීය පුවත් වාර්තා කොට තිබුණි.
187 Views
Comments