භූ කම්පනයට පසු තුර්කියට ගංවතුර

ඊයේ දින (15) තුර්කියේ Sanliurfa හි ඇදහැලුන අධික වර්ෂාවෙන් පසු තරමක් දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර මෝටර් රථ සහ වෙනත් සුන්බුන් ගණනාවක් ප්‍රදේශය පුරා විසිරී ඇති බව වාර්තා වේ. පසුගිය මාසයේදී ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ පළාත් දෙකක් ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති අතර මෙම ආපදාවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් දහස් ගණනකගේ නිවාස අහිමි වී ඇති බවත් එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
ගිනිකොන දිග අඩියමන් පළාතේ Tut නගරයේද එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර භූමිකම්පාවෙන් දිවි ගලවාගත් පවුලකට නවාතැන් දී තිබූ කන්ටේනර් නිවසක්ද ජලයෙන් ගසාගෙන ගොස් ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාර නුමන් හැටිපොග්ලු පවසා ඇත.
230 Views
Comments