සුපිරි තරුවගේ නිවසට හොරෙන් ඇතුළු වූ රසිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ මන්නාට් නිවසට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය වාර්තා කරයි. ඉන්දීය පොලිසිය පවසන්නේ, හසුවන්නට පෙර පැය 8 කට ආසන්න කාලයක් ඔවුන් බොලිවුඩ් නළුවාගේ වේශ නිරූපන කාමරය තුළ සැඟවී සිටි බවයි.
ෂාරුක් හමුවීමට යැයි කියමින් ගුජරාටයේ භාරුච් සිට පැමිණි බව කියන සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා යන දෙදෙනා ආරක්ෂක නිලධාරීන් විසින් මෙසේ අල්ලා පොලිසියට භාර දෙන ලදී.
ඔවුන්ට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යටතේ අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර විමර්ශන සිදුවෙමින් පවතී.
ෂාරුක් ඛාන්ගේ බංගලාවේ කළමනාකාරිණී කොලීන් ඩිසූසා පොලිසියට ප්‍රකාශ කළේ, පෙරවරු 11 ට ආරක්ෂක නිලධාරියා තමාට කතා කළේ පුද්ගලයන් දෙදෙනකු බංගලාවට ඇතුළු වී ඇතැයි හඳුනාගෙන ඇති බව කියමිනි. අනවසරෙන් ඇතුළු වූවන් සොයා ගනු ලැබුවේ ගෘහසේවයේ නියුතු සතිෂ් විසිනි.
සතිෂ් ඔවුන් දෙදෙනාම වේශ නිරූපන කාමරයේ සිට රැගෙන ගිය අතර එම අවස්ථාවේ නාඳුනන පුද්ගලයන් දැකීමෙන් ෂාරුක් කම්පනයට පත්විය. මන්නාට් ආරක්ෂකයින් ඔවුන් දෙදෙනාම බන්ද්‍රා පොලිසියට භාර දී තිබේ.
180 Views
Comments