අදානි අර්බුද රැසක් මැද සිරවන ලකුණු

ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි ට අයත් අදානි සමූහය විසින් කොටස් වෙළඳපොළේ මිල ගණන් වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් සිදු කොට ඇති බවට සහ මූල්‍ය වංචා සිදු කොට ඇති බවට එක්සත් ජනපද සමීක්ෂණ ආයතනයක් විසින් චෝදනා එල්ල කොට තිබේ.
මෙම චෝදනාව හේතුවෙන් අදානි සමූහයේ කොටස් වල මිල සීග්‍රයෙන් පහළ ගොස් එම සමාගම විශාල මූල්‍ය අලාභයකටද මුහුණ දීමට සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කොට සිටී.
ගෞතම් අදානි විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉන්දීය විපක්ෂය තරයේ කියා සිටී. මේ හේතුවෙන් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.
218 Views
Comments