සැපොරිෂියාවට එල්ල වු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සමස්ත යුක්‍රේනයම අවදානමක

යුක්‍රේනයේ එනර්ගොටොම් නමැති රාජ්‍ය සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රුසියානු පාලනය යටතේ පවතින යුක්‍රේනයේ සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය දෙසට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ අනෙකුත් ප්‍රදේශවලටද විදුලි සැපයුම ඇණහිටී ඇති බවයි.
රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මිසයිල ප්‍රහාරය හේතුවෙන් සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය සහ යුක්‍රේන බල පද්ධතිය අතර ඇති අවසාන සම්බන්ධය ද බිඳ වැටී ඇති බවයි.
මිසයිල ප්‍රහාරයේ බලපෑම හේතුවෙන් සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ පස්වැනි සහ හයවැනි ප්‍රතික්‍රියාකාරක බිඳ වැටී ඇති අතර සැපොරිෂියා බලාගාරයේ ක්‍රියාකාරිත්වයට විදුලි බලය අවශ්‍ය වන බවත්, දින 10 කට පමණක් ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් බලාගාරය සතු බවත්, එමගින් මේ වන විට බලාගාරයේ ජනන යන්ත්‍ර 18 ක් පමණක් ක්‍රියාත්මක වන බවත්, එනර්ගොටොම් සමාගම පවසයි.
192 Views
Comments