නවසීලන්තයේ සරණාගත කඳවුරු තුනක සිට නවසීලන්තයට පනින්න හැදූ ශ්‍රී ලාංකිකයෝ හයක් කොටු වෙති

තමිල්නාඩු පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයකදී තමිල්නාඩුවේ සරණාගත කඳවුරු තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු නවසීලන්තය බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පුද්ගලයින් තමිල්නාඩුවේ අයෙකුට අත්තිකාරම් මුදලක් ලබා දී බෝට්ටුවක් ගැනීමට කටයුතු කර ඇති අතර, මෙමගින් නවසීලන්තයට පළා යාමට උත්සාහ දරා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
මොවුන් තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ සහ ක්‍රිශ්නගිරි දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරු වල සිටි අය බව වාර්තා වේ.
202 Views
Comments