රුසියාව යුද පෙරමුණට කාන්තා සිරකාරියන් යවයි

පහසු යටත් කර ගැනීමක් බලාපොරොත්තුවෙන් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මේ වන විට බලාපොරොත්තු කඩවීම් සහ අනපේක්ෂිත අභියෝග හමුවේ දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
යුක්‍රේනය හමුවේ ලැබූ දරුණු පරාජයන් සහ ජීවිත අහිමිවීම් හේතුවෙන්, මේ වනවිට සිරගතව සිටින කාන්තා රැඳවියන් පවා යුද පෙරමුණට යොමුකිරීමට රුසියාව තීරණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කොට සිටී.
පසුගිය සතියේදී රුසියානු සොල්දාදුවන් 1000 කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා හෙළි කළ අතර, ජනාධිපති පුටින් විසින් කාන්තා රැඳවියන් යුද්ධයට යොමු කිරීමේ තීරණය ගෙන ඇත්තේ මින් පසුව බවත් මාධ්‍ය වාර්තා සඳහන් කොට සිටී.
පසුගිය සතියේ යුක්‍රේනයේ Donetsk යුද පෙරමුණට පළමු වතාවට දුම්රිය ඔස්සේ කාන්තා සිරකාරියන් පිරිසක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
කාන්තා සිරකාරියන් රුසියානු හමුදා සෙබලුන් සඳහා අවශ්‍ය වන ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වන සැපයුම් අංශය සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වන අතර, වැරදිකරුවන් වී සිටින සිරකරුවන් සේවා කාලයෙන් පසුව නිදහස් කිරීමටද පොරොන්දු වී ඇති බවත් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
රුසියානු හමුදාවට සහය දක්වන පෞද්ගලික හමුදා ඛණ්ඩයක් වන වැග්නර් හමුදාවන් සමග මෙම සිරකරුවන් යුද්ධය සඳහා සේවයට යොදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
195 Views
Comments