යුද්ධයට කෲරත්වයට පිටුපෑ දියණියගේ සිතුවම වෙනුවෙන් පියා සිරගත කළ රුසියානු අවනීතිය

රුසියානු ජාතික ශිෂ්‍යාවක් විසින් පාසලේදී යුද විරෝධී චිත්‍රයක් ඇඳීම නිසා 12 හැවිරිදි එම දැරිය වෙනුවට ඇගේ පියාට වසර දෙකක සිර දඬුවමක් නියම කරන ලද පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
යුක්‍රේන ජාතික මවක් සහ දරුවෙකු මතට රුසියානු මිසයිල වර්ෂාවක් පතිත වන අයුරු දැක්වෙන පින්තූරයක් මෙම දැරිය විසින් ඇඳ ඇති අතර, මේ පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
විමර්ශනය අවසානයේ දැරිය වරදකරු බවට නිගමනය කෙරී ඇති අතර ඇය කරන ලද වරදට දඬුවම් වශයෙන් අධිකරණය විසින් ඇගේ පියාට වසර දෙකක සිර දඬුවමක් නියම කොට ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම නඩුව රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් අතර දැඩි කැළඹීමක් සහ ආන්දෝලනයක් ඇති කර තිබෙන බවත්, එම නියෝගය ආපසු හරවා පියා සහ දියණිය නැවත එක් කිරීමට ඔවුන් කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කොට සිටී.
214 Views
Comments