APR
12
දියණියගේ පියයුරු පිළිකාවට සේසතම වැය කළ මවට මිලියන දෙකක ලොතරැයි දිනුමක්

පියයුරු පිළිකාවට ගොදුරු වූ තම දියණියගේ ප්‍රතිකාර වෙනුවෙන් මුළු සේසතම වැය කළ ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මවකට ලොතරැයියකින් ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිව ඇති බව වාර්තා වේ.
ජෙරල්ඩීන් ගිම්ලට් නැමැති මෙම මව තම දියණිගේ පිළිකාව සඳහා ඇයගේ සියළු වත්කම් වැය කරමින් ඇය සුවපත් කර ගැනීමට සමත්ව තිබෙන අතර දියණියගේ ප්‍රතිකාර අවසන් දිනයේ රෝහලෙන් පිටව යන අවස්ථාවේ ඩොලර් 10 ට ලබා ගත් ලොතරැයියෙන් මෙම අති විශාල ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
228 Views
Comments