APR
18
යුක්‍රේන ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම දැමූ ඉරාන හමුදා ප්‍රධානියා සිරගෙට

ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපළේදී මගීන් 176 ක් ගමන් කළ යුක්‍රේන යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ හමුදා ප්‍රධානියාට එරට අධිකරණය විසින් වසර 13 ක සිරදඬුවමක් නියම කරන ලදී.
ඊට අමතරව යානයේ සිටි සෑම මගියකු වෙනුවෙන්ම ඩොලර් 150,000 ක වන්දියක් බැගින් ගෙවන ලෙස ද ඉරාන රජයට නියෝග කර ඇති අතර ඉරාන අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ සිද්ධියෙන් වසර 3 කට පසුව බවද වාර්තා වේ.
224 Views
Comments