සුඩානයේ මර්මස්ථාන රැසක් කැරළිකරුවන් අතට

සුඩානයේ ජනපති මාලිගය, කාර්ටුම් ගුවන් තොටුපොළ සහ හමුදාපති මන්දිරය එරට ආර්. එස්. එෆ්. අතුරු හමුදාව විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වන අතර හිටපු අගමැති හැම්ඩොන් අද ප්‍රකාශ කොට සිටියේ සුඩානය තුළ සිවිල් යුද්ධයක් ආරම්භ වී ඇති බවයි.
ආර්. එස්. එෆ්. සහ රජයේ හමුදාව අතර ඇති වූ ගැටුම්වලින් 60 ක් මරුමුවට පත් වී ඇති බවද වාර්තා වන අතර තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා තිබේ.
මෙම ගැටුම් සඳහා ආර්. එස්. එෆ්. බළකායට අවි ආයුධ සපයා ඇත්තේ රුසියාව විසින් බවද හෙළි වී ඇති අතර, මෙම ගැටුම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා ඇතත් දෙපාර්ශ්වයම ඊට එකඟ වී නැති බවද වාර්තා වේ.
රුසියානු වැග්නර් කණ්ඩායම මෙම ගැටුම අවුළුවා ඇති බව වාර්තා වන අතර කාර්ටුම් ගුවන්තොටුපළට පැමිණි සවුදි යානාවකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
192 Views
Comments