පකිස්ථානයේ රජයේ කාර්යාලයක දරුණු පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

පකිස්ථානයේ රජයේ කාර්යාලයක දරුණු පිපිරීමක්

පකිස්ථානයේ රජයේ කාර්යාලයක දරුණු පිපිරීමක්

වයඹ දිග පකිස්ථානයේ ස්වැට් නිම්නයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර, පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් මෙම පිපිරීමෙන් තුවාල ලබා තිබෙන බවද පැවසේ.

 

එම කාර්යාලයට පිටතින් ප්‍රහාරයක් එල්ල වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් පතොරම් ගිනිගැනීමට ලක්වීම පිපිරීම්වලට හේතුව විය හැකි පොලිසිය සැක පළ කරයි.
 

views

219 Views

Comments

arrow-up